ආහ් කට්ටිය බලනවා ඇති ‌නේද ‌මොකද්ද ‌මේ ‌පොත කියලා.

ආහ් ඒ්ක තමයි අපේ ජීවිතේ.

මම ‌මේ කියන්න යන්නේ ඒ් සුදු පාට ‌පොතේ ලස්සන චිත්‍ර අදින්‌නේ ‌කොහොමද කියන එක.
ඉතින් ඔයාම තමා ඒ් සුදු පාට හිස් ‌පොත පාට කරගන්න ඔනෙ.
ඔයාගෙ අතේ තමයි ඔන්න වැඩේ තියෙන්නෙ.

ම්……
අපි මුලින්ම ඉපදෙද්දි අපි හැමෝටම ලැබෙන්නෙ සුදු පාට හිස් පිටු ‌ගොඩාක් තියෙන ‌පොතක්.

සාමාන්‍යයෙන් ඔයාලට ලැබෙන ඒ් ‌පොතේ පිටු කීයක් විතර තියෙනවද?.
සාමාන්‍යයෙන් ‌කෙනෙකුට පිටු 27,375 ‌ක විතර ‌පොතක් ලැබෙනවා.
එක පිටුවක් එක දවසකට කියල හිතන්නකො.
ඔකෙන් ඔයා දවසට පැය 6ක් නිදාගත්තොත් ඔයාට ඉතුරු ‌වෙන්නේ පිටු 20,531යි.
ආහ් තව ඉතින් අපි කන ‌බොන ඒ්වයි මගතොටට යන ‌වෙලාවයි ඔක්කෝම ගත්තොත් දවසකට පැය 4ක් වගේ යනවා කියමුකො.
ඒතකොට තව කීයක් ඉතිරි ‌වෙනවද?

ම්…….
බලන්නකො ගණන් හදලා.
ඒතකොට අපිට ඉකිරි ‌වෙන්නේ පිටු 15,968 යි.

දැක්කනේ… අපි දන්නෙම නැතුව ඒ් ‌පොතේ හිස් පිටු හිස් පිටු ‌ගොඩක් ඉවර ‌වෙලා.
ඔයාට ලස්සනට ලියන්න ලැබෙන්නේ පිටු 15,000 ක් වගේ ප්‍රමාණයක්.

හරි අපි බලමුකො ඒ්ක ලස්සන කරන්නේ ‌කොහොමද කියල.

ම්…….
මගේ ජීවිතේ නම් පටන් ගත්තේ ලස්සන ගමකින්.
මන් පුංචි කාලෙ ඉදලම එක එක දේවල් හදන්න ආස කරපු ‌‌කෙනෙක්.
මම ‌පොත් කියවනවා.
හැම සතියෙම කඩෙන් පත්තර අරන් කියෙව්වා.
මොකද ඒ දවස් වල internet තිබුනෙ නෑනෙ.

තව අපේ අත්තම්මල‌ෙගේ ‌ගෙවල් ලග ඇලක් තිබුනා.
ගමේ ළමයි ඔක්කොම ඒකට බැහැපුවම ‌ගොඩ එන්නෙ පැය 4ක් 5ක් නාලා.
තව ‌වෙල් යායක් තිබුනා.
ආහ් මට ‌පොඩි කාලෙ ක්‍රිකටි ගහන්න නම් බෑ.
දන් කියලත් බෑ. ඒත් ඉතින් අපි එක එක සෙල්ලම් කලා.
කට්ටිය එක්ක එකතු ‌වෙලා දන්සල් දුන්නා.
පන්සලේ ‌වෙසක් කූඩු හැදුවා.
ඔය වගේ ‌ගොඩාක් ‌දේවල් කලා.
ඉතින් මාත් ඒ දවස් වල කල්පනා කරනවා මම ‌මොකද කරන්නේ කියලා.

ඉතින් ඇන් මං ගැන කතා කරන එක නවත්තලා ඔයාගේ ‌පොත ගැන කතා කරමුකො…
හරි අපි දැන් පරණ පිටු ගැන හිතන්නෙ නැතුව ඉස්සරහා ගැන හිතමු.
පරණ පිටු කැතයි කියල ඉරන්න යන්න එපා.
මොකද ඒවා තමා ලස්සන පිටුවකට යන්න අඩිතාලම දැම්මේ.
ඒ නිසා අපි ඒවා ගැන දුක් ‌වෙන්නේ නැතුව.
ඊලගට අදින්න යන ලස්සන පිටුව ගැන හිතමු.
ඔයා දන්නවා ඇතිනේ අර කතාවක් තියෙන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉ‌ගෙන ගන්න ඔනෙ කියලා.

හරි දැන් ‌මොකක්ද ඔයාගේ target එක.
OL / AL කලාද?
ආහ් දුක්වෙන්න එපා සමහරවිට OL / AL ‌fail වෙලා ඇති ඔයා.
ඒත් ඔයාට පුලුවන් ඔයාගේ ‌පොතේ ඉතුරු ටික ලස්සනට ලියන්න.
හැබැයි ඒකට ‌පොඩ්ඩක් මහන්සි ‌වෙන්න ‌වෙයි.
ඔනවට වඩා මහන්සි ‌වෙන්න ඔනෙ නෑ.
මමනේ කියන්නේ…..
මුලින්ම ඔයා ඇස් ‌දෙක පියාගන්න.
ඔයාට ඉස්සරහට ‌වෙන්න ඔන ‌කෙනාව Imagine කරන්න.

අර අයින්ස්ටයින් කියලා තියෙන්නේ, “Imagination is more important than knowledge. For knowledge is limited, whereas imagination embraces the entire world, stimulating progress, giving birth to evolution.” කියලා.

 

ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ ‌වෙන්න ඔනෙනම් ඔයාට පුලුවන් ‌වෙන්න ඔනේ හීන දකින්න.

ආහ්…
හීන දැක්ක පලියටනම් හැබෑ ‌වෙන්නේ නෑ.
උදාහරණයක් විදියට ඔයා හීනයක් දකිනවා ඔයාට port city එකෙන් ‌ගෙදරක් ඔනෙ කියලා.
“අම්මෝ port city එකෙන් ‌ගෙවල් ගන්න මට බෑ”
එහෙම ‌නේද ඔයාට හිතුනේ.

අන්න ඔයාට වැරදුන තැන.
මුලින්ම හීන දකින්න.
හීන ඔයාට පාර ‌පෙන්නාවි.
ඔයාගෙ හීන ‌වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න.
ඒතකොට ඔයා නිකන්ම හීනෙට යයි.
තව ‌දෙයක්…


අනුන්‌ගෙ හීන හැබෑ කරගන්න දගලන එක නවත්තන්න.
ඔයාට ඔනෙ artist ‌කෙනෙක් ‌වෙන්න නම් ඒ ‌වෙනුවෙන් වැඩ කරන්න.
මොකද ඔයා අකමැත්තෙන් කරන ‌දේට වඩා ඔයාව වැඩියෙන්ම සතුටින් තියන ‌දේ ඔයාගේ ජීවිතේට ‌ලොකු අර්ථයක් ‌දෙනවා.
ඔයාගේ හීනෙ විශ්වාස කරන්න පුලුවන් ‌වෙන්න ඔනේ ඔයාට.
ඔයාව විශ්වාස කරන්න.
තව ‌දෙයක්…
ඔයාට සිද්ද ‌වෙනවා ඔයාව ඔයාගෙ හීනෙන් ඈත් කරවන ‌දේවල් වලින් ඈත් ‌වෙන්න.

 

ඉතින් ඔයාම තීරණය කරන්න ඔයා ‌මොනවද අතාරින්න ඔනෙ, ‌මොනවද ජීවිතේ ලං කරගන්න ඔනෙ කියල.

 

Leave a Reply

avatar