අද මන් කතා කරන්න යන්නෙ අපි පොදුවේ හැමකෙනාම මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන. අපි හැමෝටම ජීවිතයේදි හොදම හොද දවස් අතරේ නරකම දවස් වලට මුහුණ දෙන්න වෙනවා. ඔය නරකම දවසුත් ගොඩක්ම නරක වෙන්නේ අපේ දවස අපි සැලසුම් කරන විදියට සිද්ධ වෙන්නේ නැති උනාම. ඒ අතරිනුත් අපි හැමතිස්සෙම හොයන motivation එක නැති වෙලාම ගියාම. එතකොට හැමදේම එපා වෙලා stress වෙලා mood out වෙන වෙලාවල් බොහොමයි. ඒ de-motivation එක දවස් ගනන්, සති ගනන් අපි ඇතුලේ ක්‍රියා කරන්න ගන්නකොට de-motivation එකට එරෙහිව සටන් කරන්න motivation එකක් input කරේ නැත්නම් අපේ මානසික ස්ථාවරය නැතිවෙලා යන්න පුලුවන්. ඔව්, motivation එක මනස ඇතුලේ අක්‍රිය වෙලා තියෙනකොට කිසිම වැඩක් කරන්න focus එක දෙන්න අමාරුයි. ඒකට උත්තරයක් හොයන්න මන් පෙලෙඹුනේ මටත් ඔය කියන de-motivation එක control කරන්න බැරි තැනටම වැඩ කරන්න ගත්ත නිසා. මන් YouTube එකේ motivational videos බල බල ඉන්නකොට Thomas Frank ගේ YouTube channel එකේ තිබිලා How to Make Yourself Study When You Have ZERO Motivation video එක මන් බැලුවා.

සාමාන්‍යයෙන් අපි අඩු energy level එකක ඉදලා වැඩක් කරන්න ඉදගත්තම අපේ mobile phone එක computer අපිව distract කරන්න පටන් ගන්නවා. ඉතින් කරන්න ගත්ත වැඩේ පැත්තක තියලා අපි social media surf කරනවා games play කරනවා. අර මන් කිව්ව video එකෙන් මට Browser add-on එකක් හම්බුනා  Momentum කියලා. ඒ සමාගමේ Founder & CEO විදියට ඉන්නේ Levi Bucsis කියන පුද්ගලයා. ඔවුන් ගේ official website එකේ දාලා තියෙන විදියට ඔහුගේ ඉලක්කය වෙන්නේ  මිනිස්සුන්ට සහ ඔවුන් ගේ තත්වයට සැබෑ බලපෑමක් ඇති කරන මෘදුකාංගයක් නිර්මාණය කිරීම. ඔහු design & development වගේම psychology පිළිබදවත් පසුබිමක් තිබෙන පුද්ගලයෙක්. මේ Browser add-on එක පෞද්ගලිකව මට දැනුන විදියට ගොඩක් හොද ක්‍රමයක් අපේ focus එක තියාගන්න.

මේ add-on එකෙන් ප්‍රධානවම වෙන්නේ අපි add-on එක install කරලා activate  කරාම new tab එක open වෙනකොට browser screen එකේ inspirational wallpaper එකත් එක්ක quote එකක් display වෙන එක.

Momentum Add-on

මේ add-on එකේ වැදගත්ම feature එක තමා අපි new tab එක open කරාම greeting message එකට පහලින් “What is your main focus for today?” (අද ප්‍රධානවම ඔබේ අවධානය යොමු වී ඇත්තේ කුමක් සදහාද?) කියලා අහලා තියෙන ප්‍රශ්නේ. ඒ feature කොච්චර දුරට සාර්ථකද කියනවා නම් විනාඩි කිහිපයක් හරි අපි හිතලා අපේ අද දවසේ අපේ වැඩ කොහොමද කරන්නේ සහ ඒවාගෙන් ප්‍රධානත්වය දෙන්න ඕන දේවල් මොනවද කියලා සැලසුම් කරගන්න අවශ්‍යතාවය මනසට ඇති කරනවා. අපි අපේ අද දවසේ ප්‍රධානම දේ answer එක විදියට enter කරාම ඒක wallpaper එකේ display කරනවා. අපි ඒ වැඩේ ඉවර උනාම වම් පැත්තේ තියෙන box එක tick කරාම ඒ task එක Done කියලා පෙන්නලා ඊට යටින් “Good job, Way to go” වගේ motivating message එකක් display වෙනවා. ඒ වගේම අපිට To-do list එකක් හදලා tasks enter කරලා අපි task එක කරලා ඉවර උනාම ඒක Done list එකට add කරන්න පුලුවන්. මීට අමතරව තව features කිහිපයක්ම මේ add-on එකේ තියෙනවා.  Momentum add-on එක සරල නමුත් ලොකු බලපෑමක් ඇති කරන්න පුලුවන් වටපිටාවක් හදලා දෙන ගොඩක් ප්‍රයෝජනවත් සහ ඵලදායි add-on එකක්.

Momentum Add-on

ඔයාලත් මේ add-on එක install කරලා ඒ අත්දැකීම කොහොමද කියලා බලන්න. Low energy level එකක් ඉදන් වැඩ කරනවනම් motivation එකක් අත්‍යවශම වෙලාව තමා මේක. ඔයාට මේක install කරගන්න විදිය ගැන අදහසක් නැත්නම් පහල link එකේ momentum සමාගමේ official website එකේ help center එකේ Momentum install කරන විදිය ගැන තියෙන article එක බලලා ඔයාටලේසියෙන්ම install කරගන්න පුලුවන්.

Momentum Installation help:- https://get.momentumdash.help/hc/en-us/articles/360018986134-Installing-Momentum

1
Leave a Reply

avatar
1 Comment threads
0 Thread replies
442 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
Sachitha Hirushan Recent comment authors
newest oldest
Sachitha Hirushan
Member
Sachitha Hirushan

Eka maru addon ekak