FriMi කියන්නෙ Online Bank Account එකක්. මේක සම්පුර්ණයෙන්ම maintain කරන්න තියෙන්නේ mobile phone app එකකින්. Normal Bank Accounts වල වගේ Bank charges මුකුත් නෑ මේකෙ account එකේ.
Account එකේ රු.1000ක් හෝ ඊට වැඩිය සල්ලි තියෙනවා නම් Interest එකකුත් හම්බෙනවා.


 

උඩ තියෙන links වලින් පුළුවන් app එක install කරගන්න. Install කරාට පස්සෙ App එකේ තියෙන විදියට විස්තර දාලා Account එක setup කරගන්න. ඔයාගෙ ෆොටෝ එකක් ඒ වෙලාවෙ capture කරනවා app එකෙන්. ඒ වගේම NIC එකේ photo එකකුත් ගන්නවා. මේකෙදි අපිට Account number එකකුත් හම්බෙනවා.
ඕනෙම Nations Trust Bank branch එකකට ගිහින් අපිට පුළුවන් ඒ Account Number එකට සල්ලි දාන්න. Account Number එක මතක නැත්තං Nations Trust Branch එකට ගිහින් NIC Number එක කියල බලාගන්නත් පුළුවන්.

මේ App එකට අපි ගාව තියෙන අනිත් බැංකු වල Cards වුනත් connect කරන්න පුළුවන්. ඒ වගේම ඒ Cards වල තියෙන සල්ලි වලින් ඔයාගේ FriMi Account එක Top-Up කරන්නත් පුළුවන් මේ App එකෙන්ම.

Ebay, Ali-express, Amazon වගේ International payments වුනත් කරන්න පුළුවන් virtual debit card එකක් හම්බෙනවා මේ FriMi App එකටම. ඒකෙ තියෙනවා Card number එකයි Expire Date එකයි CVV එකයි. ඒවා enter කරල normal credit/debit card එකකින් pay කරනවා වගේ online payments කරන්න පුළුවන්.

Virtual Debit Card එක use කරන්න පුළුවන් online payments වලට විතරයි නෙහ්. ඒ හින්දා ඔයාලට ඕනෙ නම් physical debit card එකකුත් request කරලා ගන්න පුළුවන්. ඒකට මුකුත් charges apply වෙන්නෙ නෑ. ඔයාගේ අතින් card එක නැති වුනොත් විතරක් රු.500ක් ගෙවලා ආපහු card එක ගන්න පුළුවන්. Card එක order කරාම ගෙදරටම courier කරනවා.

Debit Card එක request කරන්නෙ මෙහෙමයි.
App එකේ වම් පැත්තෙ තියෙන Menu එකේ යටම තියෙනවා Reach Us කියලා section එකක්. ඒකට ගියාම ඒකෙ යටම තියෙන Leave a message කියන තැන #MS I need a card කියලා type කරල send කරන්න.
ඊටපස්සේ FriMi එකේ Agent කෙනෙක් ඔයාට call කරයි. ඔයාගේ නම, Address එක, Phone එකේ model එක වගේ දේවල් ටිකක් අහයි.
එයා අහන දේවල් වලට හරියටම උත්තර දෙන්න. එතකොට card එක ගෙදරටම එවනවා.

 

source : frimi.lk

මේ app එක හරහා සල්ලි හුවමාරු කරන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා.

  • SEND MONEY : මේකෙදි ඔයාට පුළුවන් FriMi app එක තියෙන ඔයාගේ යාලුවෙක්ගෙ mobile number එකකට ලේසියෙන්ම සල්ලි යවන්න.
  • FUND TRANSFER : වෙනත් බැංකුවක ගිණුමකට වුනත් සල්ලි යවන්න පුළුවන්.
  • REQUEST FOR MONEY : හදිස්සියේ ඔයාගේ account එකේ සල්ලි නැත්තං FriMi තියෙන ඔයාගේ යාළුවෙක්ගෙන් සල්ලි ඉල්ලගන්නත් පුළුවන්.
  • CASH TOKEN : FriMi App එක හෝ Smartphone එකක්වත් නැතුව සල්ලි ගන්න පුළුවන් විදියක් තමයි මේක. මේකෙදි සල්ලි ගන්න කෙනාගේ phone number එකට සල්ලි යවන්නේ. එයාට ඕනෙම NTB ATM එකකින් මේ සල්ලි ගන්න පුළුවන්.

ඒ වගේම මේ වනවිට Mobitel, Lanka Bell, Sri Lanka Telecom යනාදී ඕනෑම බිල්පත් ගෙවීමේ හැකියාව ද මෙය සතුව ඇති අතර එක බිලක් කිහිපදෙනෙකු අතර බෙදාගෙන ගෙවීමේ හැකියාවද ඇත.

FriMi සඳහා ඇති offers පිළිබඳ දැනුවත් වීමට පිවිසෙන්න – FriMi Offers

Leave a Reply

avatar