Social  Robotics

සමාජශීලී රොබෝවරු

අද වන විට අභ්‍යවකාශ ගවේෂණය, වෛද්‍ය ක්‍ෂේත්‍රය, යුදමය කටයුතු  සදහා මෙන්ම මිනිසුන් සමග සමීපව කටයුතු කිරීම දක්වා ව්‍යාප්තව පවතින රොබෝ තාක්ෂණය, වර්තමානයේදී ලොව වැඩිම අවදානයක් දිනාගත් ක්ෂේත්‍ර වලින් එකක් වනවා .

සමාජශීලී රොබෝවරුන් කියන්නේ මෑතකදී වැඩි වශයෙන් අවධානයට ලක් වුනු , මිනිසුන් කතා කරන ආකාරයට කතාබහ කළ හැකි , මිනිස් හැසිරීම් රටා තේරුම් ගත හැකි ලෙස නිර්මාණය කළ කෘත්‍රීම බුද්ධියකින් (Artificial Intelligence) ක්‍රියා කරන රොබෝවරුන් විශේෂයක් .


මෙම රොබෝවරුන් නිර්මාණයේදී ප්‍රධාන කරුණු 3ක් සලකා බලනු ලබනවා . එනම් ,

  1. Design පිටත පෙනුම

රොබෝවරුන්ගේ පිටත පෙනුම ආකර්ෂණය වීමට බොහෝ සෙයින්බලපානු ලබනවා. ජනප්‍රිය සිනමා තරුවක් වුණු ඔඩ්රි හෙප්බර්න්ගේ රූ සපුවට සමාන ලෙස නිර්මාණය කර ඇති සොෆියාගේ දැකුම්කළු සිනහව ,  සිහින් නාසය සහ ආලෝකය සමඟ පැහැය වෙනස්වන දීප්තිමත් නෙත් යුගළය ඇයට ලබා දී ඇත්තේ සිත් ඇදගන්නා සුළු පෙනුමකි .

  1. Animacy සජීවීකරණය

කිසියම් දෙන ලද සේවාවක් සමග එය භාවිතා කරන්නන් අන්තර් ක්‍රියා කරවීම සදහා පොළඹවන , සංයමය සමග සම්බන්ධ  කිරීමකි . ජීවයක් ඇති රෝබෝවරයකු බව මිනිසාට ඇගවීම මෙහි අරමුණයි.

 

  1. Anthropomorphism මානවත්වාරෝපණය

මෙහිදී බලාපොරොත්තු වන්නේ රෝබෝවරුන්ට මානව ගුනංග ලබා දීමයි . මිනිසුන් හා රොබෝවරුන් අතර අන්තර් ක්‍රියා පහසු කරවීමට මෙය බොහෝ සෙයින් බලපානවා .

ශ්‍රී ලංකාවේ නිපදවූ සමාජශීලී රොබෝ ගණයට අයත් පළමු රොබෝ වන්නේ විදුජය (widujaya).  එයද නිපදවා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ RIS විද්‍යාගාරයේදී.එයට අමතරව එහිම Audimo, Mucor, C Guider වැනි රෝබෝවරුන් ද නිපදවා තිබෙනවා.

දැනට ලෝකයේ ප්‍රසිද්ධ විශිෂ්ඨ ගනයේ සමාජශීලි රෝබෝවා වන්නේ සොෆියා . සොෆියා කියන්නේ හැන්සන් රොබොටික්ස් ( Hanson Robotics) සමාගමේ නවතම සහ තාක්‍ෂණය අතින් දියුණුම රොබෝවරියයි . දෑසේ ඇති කුඩා කැමරා දෙකකින් අවට දේ නරඹා ග්‍රහණය කර , ඔබව මතක තබා ගැනීමටත් , ඔබ කථා කරන දේ අවබෝධ කරගැනීමටත් , එවිට ඔබ දක්වන ප්‍රතිචාර මතකයේ රඳවා ගැනීමේ හැකියාව ද තිබෙනවා . මෙම හේතුව නිසා කාලයත් සමඟ ඇගේ දක්‍ෂතා තවත් වැඩිවී , මනුෂ්‍යයින් මෙන්ම නිර්මාණශීලී වීමටත්, දැනුමින් වර්ධනය වීමටත් හැකි බවට ඇගේ නිර්මාතෘ ඩේවිඩ් හැන්සන් අනාවැකි පළ කරනවා . විවිධ ක්ෂේත්‍රයන්හි ඉහළ කළමනාකාරීත්වයන් සමඟ සොෆියා පවත්වා ඇති සාකච්ඡා මඟින් ඇගේ අසමසම හැකියා ව්‍යාපාර ලෝකය තුළ උපයෝගී කරගත හැකි ආකාරය ගැන ඇය කරුණු ගෙනහැර දක්වා ඇති බව වාර්ථා වෙනවා. ඉහළ මට්ටමේ සාකච්ඡා වලට මණ්ඩල සාමාජිකාවක් ලෙස සහභාගී වී ඇති ඇය, රොබෝ තාක්‍ෂණය සහ කෘත්‍රීම බුද්ධිය මඟින් එදිනෙදා මිනිස් ජීවිතයට ලබාදිය හැකි දායකත්වය ගැන අදහස් ප්‍රකාශ කොට ඇති බවද සඳහන් වනවා .

මේ වනවිට මාධ්‍ය අතර ඉතා ජනප්‍රිය චරිතයක්ව ඇති සොෆියා, ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම විවිධ සංගීත වැඩසටහන් වලටද සහභාගී වී ඇති අතර නිරූපිකාවක ලෙස ජනප්‍රිය සඟරාවක කවරය හැඩ කිරීමටද ඇය දායක වී තිබෙනවා .

 

එසේ වුවද අවසානයේ මේ නව තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිවිපාක විවිධ ක්ෂේත්‍රයන්හි විරැකියා තත්වයන් වලටත්, ආර්ථිකයටත්  බලපෑම් ඇති කරනු ඇති බවට අනාවැකි පළ වනවා .  නමුත්  කෘත්‍රීම බුද්ධි තාක්‍ෂණයෙන් මිනිසාට නෙළාගත හැකි ඵල ප්‍රයෝජනයන් හා වාසි, එම තාක්‍ෂණය මඟින් සිදුවිය හැකි පාඩුව සමඟ සසඳා බලන කල එය අල්ප මාත්‍රයකි.

මූලාශ්‍ර –roar.media, hansonrobotics.com, youtube.com

Leave a Reply

avatar