Google Drive සහා Google Photo ගැන දැනගමු…

Google හී විශේෂාංග(I)

අපි කවුරුත් දන්න google  සමාගම විසින් ඔවුන්ගෙ පාරිභෝගිකයන්හට මෑතකාලීනව තවත් විශේෂාංගය රාශියක් එලිදක්වා ඇත.මෙහි පළමු කොටස වශයෙන් google  drive  සහා google photo  ගැන කතා කරමු.

මොකක්ද මේ Google Drive සහා Google Photo  කියන්නෙ ….

ඈත අතීතයේ දි දත්ත එහෙමෙහෙ ගෙනයාමට (data traveling ) වලට පාවිච්චි කරන්න වුනෙ Hard drive ය.අපේ ඇති laptop  එක යන යන සෑම තැනම ගෙනියාමට සිදු විය.පසුකාලීනව pen drive( flash drive ) භාවිතයට පැමිණෙන අතර එහිදි පෙර අවස්තාවට වඩා පහසු විය.වර්තමානයේ දී මෙම තත්වයටත් වඩා දියුණු තාක්ෂණය ඔස්සෙ cloud storage නමින් හැදින් වෙන තාක්ෂණය ලොවට හදුන්වා දී ඇත.

Cloud Storage යනු කුමක්ද ?

Cyber අවකාශයෙ  ඉතාමත් ආරක්ෂාකාරි ලෙස store  කල හැකි සහා ලෝකයේ ඕනෑම තැනක සිට භාවිතා කල හැකි සේවයක්.ඇත්තටම මෙතනදි එම සේවාව ලබා දෙන සමාගමක් විසින් අපිට internet එකෙන් free space එකක් අරන් දෙනවා සරලවම කිව්වොත් .pen drive  එකක storage කරන සියලු data මෙදි ගබඩා කර හැකි අතර ලෝකයෙ ඔනෑම ස්ථානයක සිට මෙවා භාවිතා කල හැකිය.අවශ්‍ය වන්නෙ internet පහසුකමක් විතරයි .

Google Drive …

Google  හී Gmail සේවාව ඇති සෑම දෙනාටම මෙම සේවාව නොමිලෙ ලබා දී ඇත.මෙහිදි 15GB free space  එකක් google  ඔබට ලබා දී ඇත.එයට ඕනෑම ස්ථානයක සිට data upload  කර ඕනෑම ස්ථානයක සිට එම data භාවිතා කල හැක.

Google Photo …

Google Drive  free space  එක යටතේ ලැබෙන සේවාවක් වන අතර අපිට මෙහිදි අපගෙ photos  සහා videos මෙහි upload  කිරිමෙන් ලෝකේ ඕනෑම ස්තානයක සිට gmail  එකට log වී ඒවා use , share සහා download  කර ගැනිමේ පහසුව ඇත.

Google Drive සහා Google Photo  භාවිතා කරන ආකාරය …

  1. මේ සදහා ඔබට අනිවාර්යයෙන්  Gmail  එකක් තිබිය යුතුය.පලමුව ඔබගෙ gmail  එකට log වෙන්න.
  2. Google app මත ක්ලික් කරන්න.

 

3. එයින් ඔබට අවශ්‍ය Drive  පහසුකම හෝ Photo  පහසුකම සදහා log විය හැක.


4. මෙහි ඇති upload  මෙනුව මගින් ඔබට අවශ්‍ය දෙකක් storage කල හැකි අතර download  මගින් එය බාගත කල හැක.

5. Photo  පහසුකම යටතෙදිත් ඔබට අවශ්‍ය දෙකක් upload  කිරිමට , folder සැකසීමට සහා download  කිරිම කරගත හැක.

6. මෙහිදි ඇති විශේෂම වාසිය නම් videos , photos, documents අමතර app භාවිතා නොකොට google  මගින්ම එය නිරික්ෂණය කල හැකි වීමයි.

දැනට මෙම cloud storage  සේවාව free  බලාදෙන ආයතන කිහිපයක් පවතින අතර ගාස්තු ගෙවාද මෙම සේවාව ලබගත හැකි සමාගම් කිහිපයක් ද සේවාව සපයයි..   

Google හි තවත් විශේෂාංග සමගින් ඊලග ලිපියෙන් මුනගැහෙමු.

1
Leave a Reply

avatar
1 Comment threads
0 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
1 Comment authors
Roshan Recent comment authors
newest oldest
Roshan
Guest
Roshan

වටිනා ලිපියක්