SpaceX ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ කරන ලද පෙෳද්ගලික ආයතනයක් වන අතර මිනිස් ජාතිය ප්‍රුථිවියෙන් එහා ලොවක වාසය කරන අවදියක් තැනීම ඔවුන්ගෙ අරමුණ වේ. SpaceX ආයතනය 2002 වසරෙ මැයි 2 වන දා ඊලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලදි.

ඔහු මෙම ආයතනය ආරම්භ කළේ ඔහු ආරම්භ කළ තවත් ආයතනයක් වූ PayPal ආයතනය eBay ආයතනය විසින් මිලදී ගත් පසු, ලැබුන මහා ධන ස්කන්ධය භාවිතා කරමින්ය. ඔහුගෙ මෙම ආයතනය මිලදී ගත් පසු ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 165ක් ලැබුණි. ඔහුට ලැබුණ ඩොලර් මිලියන 165 න් මිලියන 100 ක් SpaceX ආයතනයේ ආයෝජනය කරන ලදි.

SpaceX ආයතනය අද වන විට නැවත නැවත භාවිතා කළ හැකි රොකට් සාර්ථක ලෙස විවිධ මෙහෙයුම් හා කාර්යයන් වලට භාවිතා කරයි. උදාහරණයක් ලෙස ඔවුන්ගෙ රොකට් NASA ආයතනය විසින් අන්තර්ජාතික අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය (ISS) වෙතට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ ප්‍රවාහනයට භාවිතා කරයි. තවද crew dragon භාවිතයෙන් ISS වෙතට ගගනගමියෝ ගෙන යාමට SpaceX ආයතනය අරමුණු කරයි. ඒ සඳහා දැනටමත් test flight කර ඇති අතර මේ වසරෙ අගෝස්තු මාසයේදි ගගනගාමීන් ISS වෙතට ගෙනයාමට අරමුණු කර ඇත. ඊට අමතරව SpaceX ආයතනයෙම ව්‍යාප්‍රැතියක් වන Starlink චන්ද්‍රිකා පද්ධතිය ස්ථාපනයට SpaceX ආයතනයෙ රොකට්ටු භාවිතා කරනු ලැබෙයි. Starlink හි අරමුණ ලොව වටා සිටින සැමටම ඉතා අඩු මුදලට අන්තර්ජාල පහසුකම් ලබා දීමයි.

ඉහත සඳහන් කළ ආයතනය විසින් කරන කාර්යභාරයන් හා නැවත නැවත කිමිපවරක් භාවිතා කළ හැකි රොකට් තිබීම යන කරුණු නිසා SpaceX ආයතනය ස්ථාවර සහ සාර්ථක ආයතනයක් බවට තහවුරු වේ. කෙසේවෙතත් SpaceX ආයතනයෙ ප්‍රධානතම අරමුණ අඟහරු ග්‍රහයා මත වෙනම මිනිස් සමාජයක් බිහි කරමින්, මිනිසා බහු ග්‍රහ ජීව කොට්ඨාශයක් බවට පත් කිරීම වේ.

ඔවුහු එසේ කිරීමට බලාපොරොත්තු වන්නෙ Starship නම් නව රොකට් රථයක් භාවිතා කරමින් වෙති. මෙම රොකට් රථයේ prototype (prototype යනු නියම තාක්ෂණයේ මුල්ම අවධි(ය) වේ. Prototypes, ඒවාහි ඇති දුර්වලතා පෙනිවීමෙන් අවසන්  තාක්ෂණය ඔපනැංවීමට උපකාර වේ.) රථය starhopper නම් වන අතර එයත් තවම මුල් පරීක්ෂණ අවධියේ පවතී. ඊලොන් මස්ක්, ආයතනයෙ නිර්මාත්‍රු පවසන ආකාරය අනුව නම් පුද්ගලයන් කිහිපයක්, 2024 වන විට අඟහරු ග්‍රහයා මතට ගෙනයාමට හැකි වෙයි යැයි අනුමාන කරයි. නමුත්වි ශ්ලේෂකයන් පවසන ආකාරයට අනුව නම් ඊට වඩා කල් යනු ඇත. කෙතරම් කල් ගියත් මිනිසා ප්‍රුථුවියට එහා ග්‍රහයන් වෙතට නොගියහොත් මිනිස් ජාතිය සදහට විශ්වයෙන් මැකී යනවා නියතය.

Leave a Reply

avatar