ස්මාර්ට් ඔරලෝසු යනු දුරකථනයකට වඩා අලෙවි කළ හැකි පරිගණක උපාංගයකි. බැලූ බැල්මට එය පරමාණුක ඔරලෝසු නිරවද්‍යතාව  ලබා දෙන අතර සෑමවිටම අත ඇති උපාංගයක ඔබේ කෙටි පණිවිඩ කියවීමට සහ දුරකථන ඇමතුම් ලබාගැනීමට ඉඩ සලසයි. ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් රිස්ට් වොට් ( Smart Wristwatch) ලෙසද හැඳින්වේ. ස්මාර්ට් ඔරලෝසුවකට ඔරලෝසුව, ජංගම දුරකථනය, කැල්කියුලේටරය, කැමරාව, GPS සංචලනය, SD card ස්පර්ශ තිරය සහ නැවත ආරොපණය කළ හැකි බැටරි වැනි විවිධ අංග ඇතුලත් වේ. Microsoft විසින් සංවර්ධනය කරන ලද ස්මාර්ට් ඔරලෝසුව පිටුපස ඇති තාක්ෂණය Smart Personal Object Technology (SPOT) ලෙස හැඳින්වෙන්නේ එදිනෙදා උපාංග පුද්ගලීකරණය කිරීමේ උත්සහයකිනි.

ප්‍රධාන වශයෙන් ස්මාර්ට් ඔරලෝසු දෙවර්ගයකි. 

  1. මෙම වර්ගයේ ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් දුරකථනය සමඟ රැහැන් රහිතව ( Bluetooth හරහා)  සම්බන්ධ කළ යුතුයි. එවිට පමණක් සියලු දත්ත වල සම්බන්ධතාව රැඳි පවතී. තනිව ස්මාර්ට් ඔරලෝසුව පමණක් භාවිත කළ නොහැකිය. වෙනම  SIM පතක් යෙදවිය නොහැක. දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ හා DATA පහසුකම් ස්මාර්ට් ඔරලෝසුව හරහා සම්ප්‍රේෂණය වේ.
  2. දෙවන වර්ගයේ දි ස්මාර්ට් දුරකථනයක්‍ නොමැතිව stand alone ආකාරයට ස්මාර්ට් ඔරලෝසුව භාවිත කළ හැකිය. එවිට ස්මාර්ට් ඔරලෝසුවට වෙනම SIM පතක් යෙදය හැකි අතර දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, DATA පහසුකම් සියල්ල ස්මාර්ට් ඔරලෝසුව හරහා ලබාගත හැකිය. 

මෙම ආකාර දෙවර්ගයම පවතින ස්මාර්ට් ඔරලෝසු ද ඇත. එවිට වෙනම SIM පතක් යෙදවිය හැකි අතරම දුරකථනය සමඟ සම්බන්ධ වීමට ද පුළුවන. 

ස්මාර්ට් ඔරලෝසු මිලදී ගැනිමේදි මේ ආකාර තුනෙහි මිල ගණන් එකිනෙකට වෙනස්ය. සාමාන්‍යයෙන් වෙනම SIM පතක් යෙදවිය හැකි ස්මාර්ට් ඔරලෝසුවක් මිලෙන් අධිකයි. මෙම කුමන ආකාරය භාවිත කරද දුරකථන ඇමතුම්, කෙටි පණිවිඩ, DATA පහසුකම් ලබාගත හැක. 

ස්මාර්ට් ඔරලෝසු භාවිතයේ වැදගත්කම්…

  1. ස්මාර්ට් දුරකථනය අතට නොගෙන ඕනෑම notification එකක් දැනගැනීමේ හැකියාව ස්මාර්ට් ඔරලෝසු හරහා සිදුවේ. මේ තුලින් සමාජ ජාලා සඳහා ඇබ්බැහි වීම අවම කරගත හැකිය. (මක්නිසාදයත් එම දැනුම් දීම් වලට ඒ මොහොතේදීම ප්‍රතිචාර දැක්විය යුතු ද යන්න කලින්ම තීරණය කළ හැක.)
  2. සෞඛ්‍යවත්ව සිටීමට කැමති ඕනෑම කෙනෙකුට ව්‍යායාම වල යෙදෙනවනම්, ඇවිදිනවනම් මේ සියල්ල track කිරීමට පුළුවන. මෙහිදී හෘද ස්පන්දන වේගය, ඇවිදින ලද අඩි ගණන, දුවන ලද දුර, කොයිතරම් හොඳ නින්දක් ලබා තිබේද යන කාරණා පවා දැනගත හැකිය. උස, බර, දෛනිකව ලබාගන්නා ආහාර හා කැලරි ප්‍රමාණය ලබාදී තමාගේ සෞඛ්‍ය තත්වය මැනගත හැකිය. රෝගියෙකු නම් හෘද ස්පන්දන වේගය පවත්වා ගත යුතු අයුරු සහ රෝගය උත්සන්න වූ අනතුරුදායක අවස්ථාවක apps හරහා තම පවුලේ අයෙකුට හෝ වෛද්‍යවරයාට දැන්වීම සිදුකළ හැකියි. ඉතාමත් හොඳ ස්මාර්ට් ඔරලෝසුවක් නම් රෝගියා එම මොහොතේ ඇවිදියි ද, දුවයි ද, වැතිර සිටී ද පවා දැනගත හැකියි.
  1. ස්මාර්ට් ඔරලෝසු භාවිතයෙන් ස්මාර්ට් දුරකථනයේ battery life ඉතිරි වේ. (ස්මාර්ට් දුරකථනය පනගැන්වෙන ප්‍රමාණය ස්මාර්ට් ඔරලෝසුව භාවිතය නිසා අවම වන හෙයිනි.)
  2. Bluetooth හරහා උපකරණ සම්බන්ධ වුවද ඉතා විශාල ශක්ති හානියක් සිදු නොවේ. එමනිසා battery life ඉතිරි වේ.
  3. ආරක්ෂාව අතින්ද වැදගත් වේ. GPS  තාක්ෂණයෙන් ස්මාර්ට් ඔරලෝසුව හරහා ස්මාර්ට් දුරකථනය තිබෙන ස්ථානය සොයාගත හැකියි. කුඩා දරුවෙකුට දුන් විට දරුවා සිටින ස්ථානය දැනගැනීමට පුළුවන.

මිල අධික ස්මාර්ට් ඔරලෝසුවක battery life ඉතා වැඩි අතර සුමටව ස්මාර්ට් දුරකථනය හා සම්බන්ධ වේ. මිල අවම ස්මාර්ට් ඔරලෝසුවක battery life අඩු අතර පෙනුම හා තත්වය ද අඩුය. ඝට්ටනයකදී විනාශ වීමට ඇති ඉඩකඩ වැඩිය. තවද මේවායේ හෘද ස්පන්දන වේගයේ නිරවද්‍යතාව පිළිබඳව එතරම් විශ්වාස කළ නොහැකිය. නමුත් කාර්යයන් ඉටු කරගැනීමේ දි බොහෝවිට මේ දෙවර්ගයම  සමාන වේ. 

කාලය ඉතුරු කරගැනීමට පහසු මෙවලමක් ලෙස මේවා යොදාගත හැකි වුවද වර්තමානයේ ස්මාර්ට් ඔරලෝසු භාවිතය පිළිබඳ  වැඩි නැඹුරුවක් ලංකාව තුළ නොපෙනේ.

ලොව මේ දිනවල වැඩි කතාබහට ලක්වන ස්මාර්ට් ඔරලෝසු –

  • Samsung Galaxy Watch                             
  • Apple Watch 4
  • Fossil Sport
  • Samsung Gear S3
  • Fitbit Versa
  • Samsung Galaxy Watch Active
  • Garmin VivoActive 3

6
Leave a Reply

avatar
3 Comment threads
3 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
4 Comment authors
sandalika ekanayakeChalangani SenanayakeGithmi AnjanaSunanda Karunajeewa Recent comment authors
newest oldest
Sunanda Karunajeewa
Member
Sunanda Karunajeewa

Great think ❤️ good luck

Chalangani Senanayake
Member
Chalangani Senanayake

Good job

sandalika ekanayake
Guest
sandalika ekanayake

Great?