1G, 2G(GSM), 3G(UMTS) හා 4G(LTE) සේවාවන් හඳුන්වා දුන්නද 2019 වසරේ බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මේ නව 5G සන්නිවේදන සේවාවයි. 5G කියන්නේ පස්වැනි පස් වැනි පරම්පරාවට අයත් cellular mobile communication සේවාවක්. Fifth Generation තමයි මේ කෙටි කර 5G ලෙස හඳුන්වන්නේ.
දැන් අපි බලමු මීට පෙර පැමිණි 1G, 2G, 3G හා 4G තාක්ෂණයන් පිළිබඳව,

1G(1979)
මුල්වරට 1G රැහැන් රහිත දුරකථන තාක්ෂණික සේවාව හඳුන්වා දුන්නේය මෙය analog telecominication ප්‍රමිතියෙන් යුක්ත විය.

2G(1991)
ඩිජිටල් ප්‍රමිතියෙන් යුත් මුල්ම දුරකථන තාක්ෂණික සේවාව ලෙස 2G ෆින්ලන්තය දී හඳුන්වා දුන්නේය. මෙම සේවාව මගින් ජංගම දුරකතන සඳහා දත්ත සේවාවක් ද plain textbased messages හඳුන්වාදුන්නේය.ඊට අමතරව වෙනත් දුරකතන ජාල සඳහා picture messages හා MMS සේවාවන්ට ද ඉඩ සැලසිණි .

3G(2001)
අවම දත්ත සම්ප්‍රේෂණය තප්පරයට කිලෝබයිට් 200 වූ 3G තාක්ෂණය ජපානයේ දී එලිදැක්විණ. පසුව 384 Kbps සම්ප්‍රේෂණ වේගයක් සහිත 3G (WCDMA)තාක්ෂණය ද 7.2 Mbps සම්ප්‍රේශණ වේගයක් සහිත 3.5G(HSPA) තාක්ෂණයද 21.6 Mbps සම්ප්‍රේශණ වේගයක් සහිත 3.75G හෙවත් HSPA+ තාක්ෂණය මේ යටතේ හඳුන්වා දුන්නේය.

4G(2003)
මෑත කාලයේ දී 4G සේවාව ලැප්ටොප්,ටැබ්ලට් හා ස්මාර්ට් දුරකථන වැනි තාක්ෂණික උපාංග වල දියුණුවත් සමග ජනප්‍රිය විය.මෙහි දී Mobile Web Access, IP Telephony, Gaming Services, High Definition Mobile TV, Video Conferencing, 3G Television හා Cloud Computing සේවාවන් රැසක් සඳහා මඟ පෑදුණි.පසුව 4G-LTE තාක්ෂණය පැමිණීමේදී 100 Mbps ක වේගයක් ලබාගත හැකි විය.4Gහි තවත් සංශෝධනය කීපයක් සිදු වුව ද ඒ ගැන වැඩි අවධානයක් යොමු නොවීය.

දැන් 5G ගැන සලකා බලමු.
5G තවමත් තිබෙන්නේ පර්යේෂණ මට්ටම්වල.ඇතැම් රටවල් 5G තාක්ෂණය භාවිතා කරන අතර ශ්‍රී ලංකාවේ ද 5G තාක්ෂණය පිළිබඳව දුරකථන සේවා සපයන සමාගම් පර්යේෂණය කර තිබෙනවා. 2020 වන විට වානිජ වශයෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතර ඇතැම් දුරකථන සමාගම් කිහිපයක් වර්තමානයේ දී අත්දැකීම් ලබා දී තිබෙනවා.

5G තාක්ෂණයේ විශේෂතා,
-Bandwidth එක වැඩියි වගේම Quality එක වැඩියි.
-Lower Latency / ඉතාමත් අඩු කාලයකින් ඩේටා යවන්න හැකියාව තියෙනවා.
-වැඩි Device ප්‍රමාණයක් Connect කරන්න පුළුවන්. Traffic එකක් එන්නෙ නෑ.
-විශේෂයෙන්ම Battery බහින ප්‍රමාණය අඩුයි
-සම්බන්ධ වන Device 2 රටවල් දෙකක තිබුණත් තත්පර පහක් ඇතුළත දී Information Transfer වෙනවා.
උදාහරණයක් ගත්තොත් හදිසියක දී වෙන රටක ඉඳන් තවත් රටක 5G තාක්ෂණය ඔස්සේ Operation එකක් කරන්න වුණත් හැකියාව දැන් තියෙනවා.

5G තාක්ෂණය පිළිබඳ නව තොරතුරු සමඟ තවත් ලිපියකින් නැවත අපි හමුවෙමු.

9
Leave a Reply

avatar
5 Comment threads
4 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
6 Comment authors
Chalangani SenanayakeHansika HerathShamitha ChandrasenaTLGithmi Anjana Recent comment authors
newest oldest
Sunanda Karunajeewa
Member
Sunanda Karunajeewa

Nice work …❤️❤️ good luck ❤️❤️

Githmi Anjana
Member
Githmi Anjana

Great! ??❤

TL
Guest
TL

එල …..දරුවා ?
Gud luck….. ?

Shamitha Chandrasena
Guest
Shamitha Chandrasena

Good work! Keep on exploring new technologies. And preparing articles and publishing those will also add colours to your profile. Happy to see guys and gals working like this.

Chalangani Senanayake
Member
Chalangani Senanayake

Great content ❤