පවතින සියලුම පදාර්ථ හා අවකාශය සමස්තයක් ලෙස ගතහොත් එය විශ්වය ලෙස සැලකෙනවා. මේ විශ්වයේ ක්‍රියාකාරිත්වය පවතින වෙනස් නොවන ප්‍රධාන මූලධර්ම 12ක් තිබෙනවා. ඒ අතරින් ආකර්ශනීය නීතිය  (Law of Attraction)පොදු විශ්වීය නීතිය (universal law) ලෙස සැලකීමට හැකි වේ. විශ්වය, මෙම විශ්වීය නීති 12 ඒකාබද්ධ කර සොබාදහමේ සමබරතාවය හා සමගිය ඇති කරනවා. ඔබ මේ විශ්වීය නීති 12 දන්නවානම් ඒ ගැන අවබෝධයක් තිබේ නම් එමගින් ඔබේ ජීවිතයට යමක් එක් කර ගත හැකිය. 

1. ඒකීයභාවය පිළිබඳ නීතිය (The Law of Oneness) 

ඒකීයභාවය පිළිබඳ නීතිය පැහැදිලි කරන්නේ ලෝකයේ සෑම පුද්ගලයෙකුම, සෑම තත්වයක්ම සහ සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇති බවයි. වෙනත් අයෙකු සිතන හෝ කරන දේ ඔබගේ ජීවිතයට යම් ආකාරයකින් බලපානු ඇති අතර, ඔබ පුද්ගලයා කිසිසේත් නොදැන සිටියද එම බලපෑම එසේම වනු ඇත. මෙම නීතියේ සදහන් වන්නේ සෑම විටම එක් ශක්ති ප්‍රවාහයක් (energy flow)  සහ එක් මනසක් පමණක් ඇති බවත් එමනිසා සෑම කෙනෙකුම එකිනෙකා හා සම්බන්ධ වී ඇති බවයි.

2. බලශක්ති නියමය (The Law of Energy)

සිතුවිලි සිට මිනිසුන් දක්වා සෑම දෙයක්ම ශක්තියෙන් සෑදී බව මෙම නීතියෙන් පැහැදිළි කරයි. බලශක්ති නියමය කම්පන නියමය (Law of Vibration) ලෙසද හැඳින්වේ, මෙයින් අදහස් කරන්නේ ශක්තිය ගණන් කළ නොහැකි සංඛ්‍යාත මට්ටම් වලින් පැමිණෙන බවයි. ශක්තිය හා කම්පන නිරන්තරයෙන් විශ්වයට යවනු ලැබේ, එබැවින් බලශක්ති නියමය සැමවිටම ක්‍රියාත්මක වේ.


3. ක්‍රියාකාරී නීතිය (The Law of Action)

ක්‍රියාකාරී නීතියට අනුව, ඔබේ අවශ්‍යතා ප්‍රකාශ කිරීම සඳහා ඔබ ක්‍රියා කළයුතුය. ස්වාභාවික චලිතයේ ක්‍රියාකාරී නීතියට උදාහරණයක් වන්නේ පුද්ගලයෙකු කෝප වී දොරක් වේගයෙන් වසන විට, පුද්ගලයාට තරහක් දැනේ, එබැවින් ඔහුගේ ක්‍රියාව වන්නේ ඔහු කෝපයෙන් සිටින බව පෙන්වීමට දොර වේගයෙන්  වැසීමයි. පුද්ගලයා කෝප වීමට අකමැති වුවද, ඔහු  ක්‍රියාවෙන් චිත්තවේගයට (emotion) සහය දක්වයි.

4. අනුකූල නීතිය (The Law of Correspondence)

ඔබේ මානසික අවකාශය තුළ සිදුවන ඕනෑම දෙයක් පිටතින් පිළිබිඹු වේ. අනුකූල න්‍යාය පිළිබඳ නීතියෙන් ඔප්පු වන්නේ ඔබේ සවිඥාණය සහ යටි සිතේ ඔබ සිතන හා දැනෙන දේ පිටතින් ඔබ නිර්මාණය කරන බවයි.

5. හේතුඵල පිළිබඳ නීතිය (The Law of Cause and Effect) 

යම් සිදුවීමක් අහම්බෙන් සිදු නොවන බව හේතුඵල පිළිබඳ නීතියෙන් පැහැදිලි කරයි. ඔබේ ජීවිතයේ සෑම දෙයක්ම සිදුවන්නේ යම් හේතුවක් නිසා, එය සිදු වූයේ කෙසේද හෝ ඇයි දැයි ඔබ දුටුවද නැතද යන්න බලනොපායි. හේතුඵල පිළිබඳ නීතිය කර්මය සංකල්පයට ද සම්බන්ධ වේ.

6. ප්‍රතිවිපාක නීතිය (The Law of Compensation) 

මෙම නීතිය හේතු සහ බලපෑම පිළිබඳ නීතිය හා සමාන වන අතර එයින් අදහස් කරන්නේ ඔබ එළියට දැමූ දෙය ඔබ නැවත බහුල ලෙස ලැබෙන බවයි. ඔබ බොහෝ විට අහඹු ලෙස කරුණාවන්ත හා යහපත් ක්‍රියා කරන්නේ නම්, ඔබට හොඳ දේ නැවත ලැබෙනු ඇත. ඒ ආකරයෙන්ම සෘණාත්මක ක්‍රියා වලදී ද එය එසේම සිදුවේ.

7. ආකර්ශනීය නීතිය (The Law of Attraction)

විශ්වීය නීතී 12 න් වඩාත්ම ප්‍රසිද්ධ විශ්වීය නීතිය වන්නේ ආකර්ශනීය නීතියයි. ඔබ කථා කරන වචන වලින් ඔබේ විශ්වාසයන් දක්වා, ඔබ ඔබේ ජීවිතයේ සෑම දෙයක්ම ශක්තියෙන් ආකර්ෂණය කරයි. ඔබ හා සමාන ශක්ති සංඛ්‍යාතයක් ඇති පුද්ගලයින් ඔබේ ජීවිතයට ආකර්ෂණය කර ගනී. සෘණාත්මක හෝ ධනාත්මක හෝ වේවා එක සමාන ශක්තීන් එකිනෙකට ආකර්ෂණය වේ. ඔබේ ජීවිතයේ ඔබ දකින සෑම දෙයක්ම ඔබ ආකර්ෂණය කර ගත් ශක්තීන් ඇසුරෙන් පවතී.

8. බලශක්තිය නිරන්තරයෙන් පරිවර්තනය කිරීමේ නියමය (The Law of Perpetual Transmutation of Energy)

බලශක්තිය නිරන්තරයෙන් පරිවර්තනය කිරීමේ නීතිය මූලික වශයෙන් අදහස් කරන්නේ ඔබේ ජීවිතය ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් වෙනස් කිරීමේ හැකියාව ඔබට ඇති බවයි. ඔබේ ජීවිතය පරිවර්තනය කිරීම ඔබේ වගකීම වන අතර විශ්වය ඔබට ලබා දෙන අවස්ථාවන් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබේ තේරීම වේ. ශක්තිය සෑම විටම චලනය වන අතර, ඔබට ප්‍රවාහය සමඟ යා යුතුද නැද්ද යන්න ඔබ විසින් තෝරා ගත යුතුය.

9. සාපේක්ෂතාවාදය පිළිබඳ නීතිය (The Law of Relativity)

සෑම ජීවිත බාධකයක්ම මිනිසුන්ට තම ඉදිරිදර්ශනය සහ ජීවිතය වෙනස් කර ගැනීමට අවස්ථාව සලසා දෙන අතර එමඟින් ඔවුන්ට තවදුරටත් දියුණු විය හැක. විශ්වයේ මෙම පරීක්ෂණ අපි අපව අන් අය සමඟ සංසන්දනය කිරීමට යෑමේදී, සිදුවීම් සහ මිනිසුන්, හොඳ හෝ නරක යනාදී වශයෙන් විනිශ්චය නොකර සිටීම ඉගෙන ගැනීමට උපකාරී වේ. විශ්වයේ සෑම දෙයක්ම නිකම්ම (කිසිම බලපෑමකින් තොරව) පවතින අතර සාපේක්ෂතාවාදයේ නියමය එයයි.

10. ධ්‍රැවීයතාව පිළිබඳ නීතිය (The Law of Polarity)

මෙම නීතියේ සඳහන් වන්නේ විශ්වයේ සෑම දෙයකටම ප්‍රතිවිරුද්ධ දෙයක් ඇති බවයි. ධ්‍රැවීයතාව පිළිබඳ නීතිය අපට ධනාත්මක හා නිෂේධාත්මක සිතුවිලි අතර වෙනස තේරුම් ගැනීමට උපකාරී වන අතර එමඟින් අපට අවශ්‍ය නොවන සිතුවිලි අපට අවශ්‍ය සිතුවිලි බවට වෙනස් කළ හැකිය.

11.රිද්මයේ නියමය (The Law of Rhythm)

විශ්වයේ සෑම දෙයකටම එයට ආවේණික අද්විතීය රිද්මයක් ඇති අතර මෙම වෙනස් රිද්මයන්, රටාවන්, චක්‍ර ආදිය දක්වා වර්ධනය වේ. රිද්ම නියමය අපව විශ්වයේ ස්වාභාවික ශක්ති ප්‍රවාහය හා එක්ව කටයුතු කිරීමට දිරිමත් කරයි.

12. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ නීතිය (The Law of Gender)

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ නීතිය පොදුවේ සම්බන්ධ වන්නේ Yin සහ Yang යන සංකල්පයට වන අතර, එහි සඳහන් වන්නේ පුරුෂ හා ස්ත්‍රී ශක්තීන් ජීවිතයේ ඇති බවයි. සෑම දෙයක්ම පෝෂණය කිරීමට හා වර්ධනය වීමට කාලය අවශ්‍ය බැවින් අප තුළ ඇති පුරුෂ හා ස්ත්‍රී ශක්තීන් සමතුලිත කිරීමට හා ප්‍රගුණ කිරීමට ද එලෙසම කාලය අවශ්‍ය වේ.

 

ඒකීයභාවය පිළිබඳ නීතියේ (Law of Oneness) සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ නීතිය (Law of Gender ) දක්වා සෑම විශ්ව නීතියකටම විශ්වයේ තමන්ගේම අර්ථයක් හා අරමුණක් ඇත. ඒ සියල්ල එක්ව අප භාවිතා කරන විට, විශ්වයේ සමගිය හා සමබරතාවය සැමවිටම නියත (constant) වේ. ආකර්ශනීය නීතිය (Law of Attraction) පිළිබඳව ඔබට අවබෝධයක් තිබේනම්, විශ්වය ක්‍රියා කරන ආකාරය සහ Law of Attraction සෙසු විශ්වීය නීති සමඟ ගැලපෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට දැන් වඩා හොඳ අවබෝධයක් ඇතැයි කියා මා විශ්වාස කරමි.

 

6
Leave a Reply

avatar
3 Comment threads
3 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
4 Comment authors
Chalangani SenanayakeGithmi AnjanaIsuri thoradeniyaSachitha Hirushan Recent comment authors
newest oldest
Sachitha Hirushan
Member
Sachitha Hirushan

Article eka niyamai nangi..keep it up

Isuri thoradeniya
Guest
Isuri thoradeniya

Keep it up chala.great work❤

Githmi Anjana
Member
Githmi Anjana

Nice work! ???