කාල්, ෆ්‍රෙඩ්, ෆ්‍රෑන්ක්, ඉවානා හා ජෙනීෆා සිල්මෝ-1 යානයට නැගුනහ. ඒ අඟහරු තුළ සිදුකිරීමට නියමිත වසරක මෙහෙයුමක් වන සිල්මෝ-1 මෙහෙයුම සඳහා ය. අඟහරු මේවනවිට ජනාවාස වී තිබුනද දැන් ඒ ජනාවාස ක්‍රමක්‍රමයෙන් අඩුවීගෙන යයි. මුල් කාලයේ වේගයෙන් ජනාවාස වූ අඟහරු දැන් ක්‍රමක්‍රමයෙන් ජනශුන්‍ය වීමට බලපා ඇති ප්‍රබල හේතුවක් ද වුණි. එනම්, පිටසක්වල ජීවීන් ය. අඟහරු මත කිසිවෙකු විසින් නොකරන ලද ආකාරයේ වෙනස්කම් සිදුව තිබුණි. ඒත් සමගම අඟහරු වැසියෝ විසින් තමන් අමුතු ජීවීන් කොට්ඨාසයක් දුටුවැයි, ඔවුන් පිටසක්වල ජීවීන් වියයුතු යැයි සහ අඟහරු මත මිනිසුන් විසින් නොකරන ලද  වෙනස්කම් ඇතිකර ඇත්තේ ඔවුන් විසින් යැයි ද කියන්නට පටන් ගත්හ. එය තදින්ම සිදුවීමට පටන් ගත්තේ මීට මාස දෙක තුනකට පෙර සිටය. ඊට පෙර ද එම තත්ත්වය පැවතියද පැවතියේ සුළු වශයෙනි. අමුතු දේවල් නිතරම සිදුවීමට පටන් ගත්පසු අඟහරු වැසියෝ අඟහරු ග්‍රහලොව අතහැර ජනාවාසව පැවති වෙනත් ග්‍රහලෝක වෙත යන්නට පටන් ගත්හ. ඒ වන විට අඟහරු මත තුන්වන පරම්පරාවද බිහිවෙමින් පැවති කාලය විය. දැන් අඟහරු මත වෙසෙන්නේ සුළුතරයකි. යළිත් යම්කිසි සිදුවීමක් සිදුවූ විට ඔවුන් ද එය අතහැර යනු ඇත. ඒ  අඟහරු මත වෙසෙන සුළු පිරිස අතරින් බොහෝ අය විද්‍යාඥයන් සහ මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කරන අය වේ. නමුත් මෙම ගැටලුවේ භයානකම තත්ත්වය මෙය නොවේ. එනම්, අඟහරු වැසියන් විසින් දක්නාලදැයි කියන ලද කිසිඳු ජීවියෙක් අඟහරු මත ස්ථාපිත කිසිඳු කැමරාවකට දර්ශනය නොවීමයි. අඩුම තරමේ එවැනි අමුතු සිදුවීම් සිදුව ඇතැයි කියන ස්ථානවල ඇති කැමරාවල වත් ඔවුන්ව සලකුණු ව නොතිබුණි. ග්‍රහලොව සෑම තැනම ලේසර් කිරණ කැමරා මෙන්ම අධෝරක්ත කැමරාද ස්ථාපිත කර තිබුණි. නමුත් එම කිසිඳු කැමරාවකට එවන් වෙනසක් හසුව නොතිබුණි. එබැවින් එම ගැටලුවට විසඳුම් සෙවීමට බොහෝ මෙහෙයුම් ක්‍රියාත්මක විය. එහෙත් එම මෙහෙයුම් වලින් ද කිසිවක් සොයාගත නොහැකිවුණි.

සිල්මෝ-1 මෙහෙයුම ද එවැනිම තවත් මෙහෙයුමකි. සිල්මෝ-1 මෙහෙයුමෙන් මුළු අඟහරු ග්‍රහලොව පුරාම වසරක මෙහෙයුමක් දියත් කිරීමට නියමිත වේ. ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ විශේෂඥ විද්‍යාඥයන් පස් දෙනෙකු සහභාගීවීමට නියමිතය. කාල්, ෆ්‍රෙඩ්, ෆ්‍රෑන්ක්, ඉවානා හා ජෙනීෆා යනු ඔවුන් වේ. ඔවුන් අතරින් විශේෂම කෙනා වන්නේ ෆ්‍රෙඩ් හැරිසන්‍ ය. ඒ ඔහු ගායකයෙකු වන නිසා ය. ගායකයෙකු ලෙස කටයුතු කරන අතරම ගගනගාමියෙකු මෙන්ම විද්‍යාඥවරයෙකු ලෙසද ඔහු කටයුතු කරයි. මේවනවිට ඇමරිකාවේ ප්‍රසිද්ධම ගායකයා වන්නේ ද ඔහු ය. ඔහු නිසා සිල්මෝ-1 මෙහෙයුම වැඩිම ප්‍රසිද්ධියක් ලැබූ අභ්‍යවකාශ මෙහෙයුම ලෙස වාර්තාගත විය. මෙය ඔහුගේ පළමු අභ්‍යවකාශ මෙහෙයුම වන අතර එයම ඔහුගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම වනු ඇතැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

සිල්මෝ-1 මෙහෙයුමෙන් වත් කිසියම් දෙයක් සොයාගත හැකි වේවායි පතමින්  සියල්ලෝම සිටියහ. සැබවින්ම පැතුම එලෙසම ඉටුවිය. සිල්මෝ-1 මෙහෙයුමෙන් කිසියම් දෙයක් නොව බොහෝමයක් දේවල් හෙළි කරගත හැකි විය. එහෙත් ඒවන විටත් පෘථිවි වාසීන් ප්‍රමාද වැඩි ය.

                                කොටස් සියල්ලම.

21
Leave a Reply

avatar
9 Comment threads
12 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
11 Comment authors
Sathmi GunarathneTashithaSamudiSunanda KarunajeewaHiranya Recent comment authors
newest oldest
Sachitha Hirushan
Member
Sachitha Hirushan

????
Ilaga part eka kawadda dannee

Chalangani Senanayake
Member
Chalangani Senanayake

wow ????

Sahan Upeksha
Guest
Sahan Upeksha

Waiting for next EP!

Sudeepa Jayanath
Guest
Sudeepa Jayanath

කතාව සුපිරි.අනිත් කොටසත් දාන්න ඉක්මනට. Good Luck. ??

Nimali
Guest
Nimali

Oyagana adambarayi sathmi …. good luck . Oya kohomath hama deta dakshayine.

Hiranya
Guest
Hiranya

Well done Sathmi and proud of you dear❤️

Sunanda Karunajeewa
Member
Sunanda Karunajeewa

Nice work and good luck

Samudi
Guest
Samudi

???well done

Tashitha
Guest
Tashitha

Well done,sathmi?