අප මනස කොතරම් චංචලද යන්න, ඔබත් මාත් හොදින් දන්නා බව මාගේ හැගීමයි. ඔබ පාලනයේ නොමැති මනසකට නම් ඔබ හිමිකම් කියන්නේ, ඔබේ හීන දිනෙන් දින ඔබෙන් ඈතට යනු නොඅනුමානය. ඔබත් මාත් දන්නා එකම සත්‍ය නම්, අප ඉලක්කයන් අප අරමුණ තුළ ඉටු කරගන්නට මේ චංචල මනස අප පාලනයේ තිබිය යුතුමයි.

ඒත් “කියන්නට පහසු, කරන්නට අපහසු” දේ ඇත්තටම කරන්නේ කොහොමද කියලා Robin Sharma ඔහුගේ MEGALIVING කෘතියේ 2 වන පරිච්ඡේදයේ The Nature of the mind: The ultimate superpower කොටසේ The 10 Golden Rules for Mental Mastery” ලෙස මේ ආකාරයෙන් දක්වා ඇත. 

 

 #1

ඔබේ සාර්ථකත්වයේ මට්ටම තීරණය වන්නේ සෑම දිනකම සෑම මිනිත්තුවකම ඔබ සිතන දේ අනුව ය. ඔබේ සිතුවිලි ඔබේ ලෝකය හැඩගස්වයි. Mental mastery යනු life mastery හී DNA එක ලෙස හදුන්වන්නට පුලුවන්ය. අද දවසේ සිතුවිලි ඔබගේ හෙට පිළිබඳ සිහින ගොඩනඟා ගැනීමට උපකාරී වේ.

 

#2

ඔබේ බාහිර ලෝකය ඔබේ අභ්‍යන්තර ලෝකය පිළිබිඹු කරයි. ඔබේ ජීවිතය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබ ඔබේ මනස තුළට දැමූ සිතුවිලි වෙනස් කිරීමෙන් ආරම්භ කළ යුතුය. පිටත සාර්ථකත්වය ආරම්භ වන්නේ ඇතුලත සාර්ථකත්වයෙනි.


 

#3

ඔබ සිතන දෙවල් සහ ඔබේ සිතීමේ රටාවට සෘජුවම ඔබ වගකිව යුතුය. වැදගත්ම දෙය නම්, දිනපතා mental discipline (මානසික විනය)  ප්‍රගුණ කිරීමෙන් ඔබ සිතන ආකාරය වෙනස් කර සෘණාත්මක පුරුදු ඉවත් කළ හැක. ඔබගේ හානිකර සිතීමේ රටාවන් සහ පුරුදු අනෙක් සියලු පුරුදු මෙන්ම,වෙනස් කිරීමට හැක. අවශ්‍යවන්නේ තමන්ගේ කැපවීමත් තම ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට ඇති ආශාවත් පමණයි.

 

 #4

ඔබට super successful mindset (අධි සාර්ථක මානසිකත්වයක්) එකක් එක රැයින් ලබා ගැනීම කළ නොහැක. ජීවිතයේ අප ලබා ගන්නා අනෙකුත් භෞතික දෑ ලබා ගැනීමට වෙහෙසවී වැඩ කරන්නා සේම කැප වීමෙන් වැඩ කළ යුතුය. නමුත් දින 30 ක, concentrated practice (මනා අවධානයෙන් යුතු පුහුණුවක්)  සමඟ, ඔබ සිතන, දැනෙන සහ ක්‍රියා කරන ආකාරයෙහි විශ්මය ජනක වෙනස්කම් ඔබට ලගා කරගත හැක.

 

#5

වඩා හොඳ ජීවිතයක් සඳහා අප ගොඩ නගා ගත යුත්තේ සහ වෙනස් කල යුත්තේ අපගේ self-image (ස්වයං ප්‍රතිරූපය) එකයි. අපගේ self-image එක තීරණය වන්නේ නිරන්තරයෙන් අපගේ මනස හරහා දිවෙන පින්තූර මගිනි. අපගේ මනස mental image හරහා ක්‍රියාත්මක නිසා අපගේ ජීවිත තුළ අපට සැබවින්ම අවශ්‍ය දේ සහ අපට සැබවින්ම අත් කරගත හැකි දේ කුමක්ද යන්න හදුනාගෙන ඒවා අප මනස තුළට ඇතුලත් කරගත් විට, අපගේ self-image එකද ක්‍රමයෙන්දියුණු වේ. මෙය අපගේ personal abilities සහ personal power කෙරෙහි වැඩි විශ්වාසයක්ඇති කරයි. එවිට ඉලක්ක පහසුවෙන් ළඟා කර ගත හැකිය.

 

#6

ඔබ විශ්වාසවන්තව හා අවංකව විශ්වාස කරන ඕනෑම දෙයක් ඔබට සාක්ෂාත් කරගත හැකිය. ඔබේ සිහින නිරතුරුවම ඔබේ මනසෙහි තබා ගන්න. සෑම දිනකම, සෑම වෙලාවකම  ඒවා නැවත මතක් කරන්න. කිසිම දිනක අත් හරින්න එපාඔබගේ සියලු මානසික හා ශාරීරික ශක්තිය එකම අරමුණක් සඳහා යොමු කරන්න,එවිට ඔබ කිසි විටෙකත් නොදැන සිටි ශක්තීන් ඉබේම ක්‍රියාවට නැංවේ. බුද්ධිමතෙකුගේ රහස මෙයයි: “ඔබ සැබවින්ම ආදරය කරන දේ සොයාගත් පසු, ඔබේ ජීවිතයේ තවත් දවසක් වැඩ කිරීමට ඔබට සිදු නොවනු ඇත.”

 

#7

Law of Attraction යනු මනසෙහි ප්‍රමුඛතම නීතියයි. ඔබේ ජීවිතයට ආකර්ෂණය වන්නේ ඔබ සිතන සහ විශ්වාස කරන දෙයයි. සතුටින් හා අභිප්‍රේරණයෙන් (motivated) පෙළෙන අය එවැනිම සතුටින් සිටින පුද්ගලයින් ඔවුන්ගේ ලෝකයට ආකර්ෂණය කර ගනිති. Super success පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක් ඇති පුද්ගලයින්ට ඔවුන් ගේ ගමනාන්තයට යෑමට මෙයින් අවස්ථාව ලබා ගනු ඇත.


 

#8

ඔබේ යටි සිත ඔබේ ජීවිතයේ ප්‍රතිඵල සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ යටිසිත ඔබේ ජයග්‍රහණය සදහා උපරිමයෙන් භාවිතා කරන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගත යුතුය.ඔබේ යටි සිත උත්තේජනය කිරීම සඳහා mental image සහ වාචිකකරණය (verbalization) විශාල කාර්යභාරයක් ඉටු කරයි.

 

#9

ඔබේ මනසට, ඕනෑම වේලාවක, එක් සිතුවිල්ලක් පමණක් මනසෙහි රදවා තබා ගැනීමේ හැකියාව ඇත. මෙම දැනුම භාවිතා කරමින්, සෑම සිතුවිල්ලක්ම වටිනා සහ ධනාත්මක එකක් බව ඔබ සහතික කළ යුතුය. සෘණාත්මක සිතුවිලි ඇතුල් වුවහොත්, ඉක්මනින් එය වෙනුවට ධනාත්මක සිතුවිල්ලක් ඇතුල් කරන්න. ඔබ ප්‍රයෝජනවත් සිතුවිලි වර්ධනය කරගන්නා විට, ධනාත්මක සිතුවිලි ඇති කිරීමේ පුරුද්ද ඔබ ප්‍රගුණ කර ගන්නා විට, දුර්වල සිතුවිලි වලට තවදුරටත් කිසිදු බලයක් හෝ ඉඩක් ලැබෙන්නේ නැත.

 

#10

ඔබේ මනස තුළ ධනාත්මක උත්තේජනයක් ලබා ගැනීමට ආශා කරන positive stimulation එකක් තිබේ. එය සෑම විටම ඔබගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටී. ඔබ මෙය වටහාගෙන ඔබ වෙනුවෙන් විශාල ඉලක්ක සොයා ගැනීමය පටන් ගත් විට එය ජීවිතයට වසන්තය වන අතර ඔබට යා යුතු තැනට යාමට සියලුම අවස්ථාවන් ලබා ගනී.

Thought is a vital, living force, the most vital, subtle and irresistible force that exists in the universe.. Thoughts are living things.
(චින්තනය යනු ජීවමාන බලවේගයක් වන අතර විශ්වයේ පවතින වඩාත්ම වැදගත්, සියුම් හා ආපසු හැරවිය නොහැකි බලවේගයයි .. සිතුවිලි යනු ජීවීන් ය.)
– Swami Sivananda –          

-Robin Sharma ගේ MEGALIVING කෘතිය ඇසුරෙනි

20
Leave a Reply

avatar
10 Comment threads
10 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
11 Comment authors
Dumidu RajakarunaDevindi ThennakoonSunanda KarunajeewaNilukshiDilini madavi Recent comment authors
newest oldest
Shainy Thilakaratne
Guest
Shainy Thilakaratne

Wow… I’m speechless

Evanesceca
Guest
Evanesceca

ධනාත්මක චින්තනය පිළිබඳ ඉතාමත්ම හොඳ ලිපියක් ,තම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා මේ ආකාරයේ සිතුවිලි තමා තුළ ගොඩනඟා ගැනීමෙන් ඉතාමත් සාර්ථක ජීවිතයක් ගතකිරීමට සැමට හැකිවනු ඇත. තවත් මෙවැනි වටිනා ලිපි ලිවීමටත් අප අතර බෙදාගැනීමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

Himasha
Guest
Himasha

??

Sachitha Hirushan
Member
Sachitha Hirushan

Wowwwww………

Binuri Lokubarana
Guest
Binuri Lokubarana

Nice work Chala..????? keep it up n you’ll be in the History text book one day?

Dilini madavi
Guest
Dilini madavi

Wow nanga proud of you ..❤️?nanga

Nilukshi
Guest
Nilukshi

Thank”s .

Sunanda Karunajeewa
Member
Sunanda Karunajeewa

Supiri aaaa ❤️❤️?

Devindi Thennakoon
Guest
Devindi Thennakoon

Absolutely great!!!???

Dumidu Rajakaruna
Admin
Dumidu Rajakaruna

grreat