ආකාශයෙ දැක ඇති වර්ණවත්ම දේ ඇසුවොත් ලබාදෙන පිලිතුර දේදුන්න යන්නයි.නමුත් ආකාශයේ ඊටත් වඩා එළියක් විහිදන සංසිද්දියක් පිළිබඳව ඔබ දැනසිටියාද. විශේෂයෙන්ම ශීත කාලයේ ඉහළ අහසේ ඉතාම දීප්තියකින් යුතුව වර්ණවත් රටා මවන මේවා ව්‍යවහාරයේ හඳුන්වන්නේ අවුරෝරා බෝරියාලිස්  (Aurora Borealis)නමින්ය.

මොනවද මේ අවුරෝරා ධ්‍රැවාසන්න එළි

ශීත කාලයේ ඉහල අහසෙ ඇති වන දීප්තිමත් එළි සමුදායකි. මිනිස් වාසය අඩු නිසා එතරම් ජනප්‍රිය නොවුණත් දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේදීත් උතුරු ධ්‍රැවයaආසන්නයේදීත් මෙම එළි විශේෂය නිරික්ෂණය කළ හැකිය. දකුණු ධ්‍රැවය ආසන්නයේ එළි අවුරෝරා ඔස්ට්‍රාලිස් (Aurora Australis) නමින් හැදින්වේ. කොහොම නමුත් මෙම සංසිද්ධීන් දෙකම ක්‍රියාත්මක වෙන්නේ එකම ආකාරයෙනි.මෙම එළි විශේෂය අහසේ මනස්කාන්ත රටා සමුදායක් මවයි.


 

අවුරෝරා එළි ඇති වන්නට හේතු

අවුරෝරා  එළි ඇති  වන්නේ හිරුගෙන් විමෝචනය වෙන ආරෝපිත අංශු පෘථිවි වායුගෝලයේ  ඉහළ ස්ථරවලට ඇතුළු වී ඒවායේ ඇති විව්ධ වායු අංශුවල ගැටීමෙනි. මේ ගැටීම්වලදී නිකුත් වෙන ශක්තියෙන් කොටසක් දෘෂ්‍ය ආලෝක පරාසයේ පවතින ෆෝටෝන බවට පත් වෙනවා. සූර්ය අංශු ගැටෙන වායු වර්ගය, පවතින උන්නතාංශය අනුව නිකුත් වෙන වර්ණය තීරණය වෙනවා. මෙහිදී මලානික කහ කොළ පැහැය සුලභතම වර්ණයක් වන අතර මීට අමතරව රතු, කහ, කොළ, නිල් හා දම් පැහැයෙන්ද දිස් වූ බව වාර්තා වී තිබෙනවා. මේවා විවිධ හැඩවලින් දිස් වන අතර ආකාසයේ තැනින් තැන විසිරුණු පුල්ලි, කැටිති, වක්‍රකාර ව්‍යුහ, නටන සේලයක් හෝ කදම්භ ලෙස දැක ගන්නට පුළුවන්. කහ කොළ පැහැය නිකුත් වන්නේ ආරෝපිත අංශු පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 60ක් පමණ ඉහළ අහසේ ඇති ඔක්සිජන් පරමාණු හා ගැටීමෙන් වන අතර රතු වර්ණය නිකුත් වන්නේ පෘථිවි පෘෂ්ඨයෙන් කි.මී 200ක් පමණ ඉහළ ඇති ඔක්සිජන් අංශුවල මේවා ගැටීමෙනුයි. මේ උසේදී ඔක්සිජන් අංශු විරල නිසා රතු වර්ණය තරමක් දුර්ලභයි. ආරෝපිත  අංශු නයිට්‍රජන් අණු හා ගැටුණු විට නිල් හෝ දම් පැහැයට හුරු රතු වර්ණයෙන් යුතු අවුරෝරා නිකුත් වෙනවා.

සූර්ය ලපවල ක්‍රියාකාරීත්වය හා අවුරෝරාවල යම් සම්බන්ධයක් ඇතැයි අතීතයේ සිටම විද්‍යාඥයින් විශ්වාස කළා.

1950 වසරෙදී සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට සූර්යයාගෙන් ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන කදම්භ නිකුත් වෙන බවත්, ඒවා සූර්ය සුළඟ ලෙස පෘථිවියට ළඟා වෙන බවත් ලෝකයට අනාවරණය වුණා. සූර්යයා තුළ උෂ්ණත්වය සෙල්සියස් මිලියන ගණනක් තරම් වෙනවා. මේ උෂ්ණත්වයේදී පරමාණුක ඝට්ටනයන් ඉහළ ශීඝ්‍රතාවයකින් සිදුවන අතර, ඉන් වායු පරමාණු අයනීකරණය වෙනවා. සේ ඇති වන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝනවල රෝපිත බව නිසා සූර්යයාගේ චුම්භක ක්ෂේත්‍රවලට හසු වූ විට (සූර්ය පෘෂ්ඨය මත උත්තර හා දක්ෂිණ ධ්‍රැව මිලියන ගණනක් පවතිනවා) සූර්ය සුළඟ සමඟ ඉවතට විසිවී යනවා.

මේවා පෘථිවියට ළඟා වන විට පෘථිවි චුම්භක ක්ෂේත්‍රය මඟින් එහි ශක්තිය හා ප්‍රවේගය අඩාල කළත් චුම්භක ක්ෂේත්‍රය දුර්වල ධ්‍රැවාසාන්න ප්‍රදේශවලදී ඒවා සම්පූර්ණයෙන් නවත්වාලන්න නොහැකි වෙනවා. මෙසේ පෘථිවි වායුගෝලයට ඇතුළු වන සූර්යය අංශු එහි ඇති වායු අණුවල ගැටීමෙන් නිකුත් වෙන ආලෝකය අපට අවුරෝරා හෙවත් උතුරු හෝ  දක්ෂිණ එළි ලෙස දකින්න පුළුවන්.

සාමාන්‍යයෙන් අවුරෝරාවක් කිලෝමීටර 80 ක පමණ ප්‍රදේශයක පැතිරී සිදුවන අතර පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 640ක් දක්වා ඉහළ අහසේ මේවා හටගන්නවා.


කොහොමද අපි අවුරෝරා නරඹන්නෙ

මේවා අභ්‍යවකාශයේ දී සිට නරඹනවා නම් උතුරු හා දකුණු ධ්‍රැව දෙකෙහිම ඇති විය හැකි, කිලෝමීටර 2500 ක පමණ දිගකින් යුතු වළල්ලක් ලෙස දැකගත හැකිය. අවුරෝරා නිරික්ෂණය කළ හැකි උත්තර අර්ධගෝලයට අයත් ප්‍රදේශ ලෙස නම් වී ඇත්තේ මධ්‍යම හා උතුරු ඇලස්කාව, කැනඩාව, ග්‍රීන්ලන්තය, උතුරු ස්කැන්ඩිනේවියා අර්ධද්වීපය සහ රුසියාවයි. දකුණු අර්ධගෝලයේ අවුරෝරා කලාප ලෙස අන්ටාක්ටිකාව නම් කර තිබෙනවා. මීට අමතරව දක්ෂිණ අවුරෝරා කලාතුරකින් දකුණු ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට හා චිලී රාජ්‍යට දර්ශනය වෙනවා. සමහර විට ඉතා ප්‍රබල සූර්යය කුණාටු තත්වයකදී මීට වඩා නිරක්ෂය දෙසට වන්නට පිහිටි රටවලත් අවුරෝරා දර්ශනය විය හැකියි.

ක්‍රි ව 1909 දී සමකාසන්න සිංගප්පූරුවටත් අවුරෝරාවක් දර්ශනය වී ඇති අතර එය ඉතාම දුර්ලභ තත්වයක් ලෙස සැළකෙනවා.අවුරෝරා වර්ෂය මුලුල්ලෙහි ඇති වුවත් මේවා නැරඹීමට සුදුසුම කාලය වන්නේ ශීත ඍතුවේ රාත්‍රියේදීයි. මෙයට හේතුව ශීත ඍතුවේ ධ්‍රැවාසන්න පෙදෙස්වලට ඉතා දිගු රාත්‍රී කාලයන් බල පැවැත්මයි. විදුලි ආලෝක ධාරා මෙන්ම චන්ද්‍රාලෝකයත් මේවා දර්ශනයට බාධා ගෙන දෙනවා.තව්ද මේවා වායුගෝලයක් හා චුම්බක ක්ෂෙත්‍රයක් සහිත ඕනෑම ග්‍රහලෝකයක අවුරෝරා ඇතිවිය හැකියි.

16
Leave a Reply

avatar
8 Comment threads
8 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
9 Comment authors
Chalangani SenanayakeShammiSunanda KarunajeewaChavindu NuwanpriyaSunanda Karunajeewa Recent comment authors
newest oldest
Pasindu Chinthana
Member
Pasindu Chinthana

??

chamini
Guest
chamini

Interesting ?

Lahiru Sandepa
Guest
Lahiru Sandepa

Wow…
That’s awesome..
?

තිලින
Guest
තිලින

?

Sachitha Hirushan
Member
Sachitha Hirushan

Wow…
keep it up

Shammi
Guest
Shammi

Wow?
Goo job?❤️

Chalangani Senanayake
Member
Chalangani Senanayake

❤️?

Pasindu Chinthana
Member
Pasindu Chinthana

<3 <3 great work