YouTube වීඩියෝ ලේසියෙන්ම ගන්න පුළුවන් online sites කිහිපයක් ගැන සහ හොඳ video downloading software එකක් ගැනත් මං අද ඔයාලට කියල දෙන්නම්.

Online Sites

(මුලින්ම YouTube එකට ගිහින් ඔයාට download කරගන්න ඕනෙ video එක උඩ right-click කරල හරි address bar එකෙන් හරි video එකේ URL එක copy කරගන්න.)

  • ClipConverter.cc
    • Clip Converter site එකට ඇවිත් ඒකෙ තියෙන box එකේ URL එක paste කරල ‘Continue’ click කරන්න.
    • ඊළඟට ඔයාට පුළුවන් ඔයා කැමති video quality එකක් select කරන්න.
    • ඊට පස්සෙ ඔයාට MP3 විදියට download කරගන්න ඕනෙ නම් Audio format (MP3/M4A/AAC) එකක් select කරන්න පුළුවන්. නැත්තං ඒවා එහෙම්ම තියලා ‘Start!’ click කරන්න.
    • ටිකවෙලාවකින් ඔයාට ‘Download’ button එකක් display වෙයි. ඒක click කරල download කරගන්න.
  • Savefrom.net
    • මේ site එකෙත් උඩ තියෙන box එකේ URL එක paste කරල Enter කරන්න.
    • එතකොට ඒ box එකට යටින් පහළ තියෙනවා වගේ එකක් එයි.

    • එතන නිල්පාටින් underline කරල තියෙන download video in browser text එක click කරන්න.
    • ඊට පස්සෙ එන drop-down එකෙන් ඔයාට ඕනෙ quality එක select කරන්න. එතකොට ඉබේම download වෙන්න පටන්ගන්නවා.

Video Downloading Software for PC

(මුලින්ම YouTube එකට ගිහින් ඔයාට download කරගන්න ඕනෙ video එක උඩ right-click කරල හරි address bar එකෙන් හරි video එකේ URL එක copy කරගන්න.)

  • 4K Video Downloader
    • මේ software එක http://bit.ly/4kVdoDwnlder link එකෙන් download කරගන්න. ඒ site එකේ තියෙනවා ඒක install කරන විදිය.
    • මුලින්ම මේ software එක open කරල ඒකෙ උඩින්ම තියෙන ‘Paste Link’ click කරාම auto URL එක detect කරනවා (ඔයාලා දැනටමත් URL එක copy කරගෙන ඉන්න හින්දා)
    • ඊළඟට ඔයාට ඕනෙ video quality එක select කරලා ‘Download’ click කරන්න.
    • එතකොට download වෙන්න පටන් ගන්නවා.
    • මේ software එකෙන් YouTube Video විතරක් නෙවෙයි playlist එකක්ම වුනත් එකපාර download කරගන්න පුළුවන් මේ විදියටම.

2
Leave a Reply

avatar
1 Comment threads
1 Thread replies
0 Followers
 
Most reacted comment
Hottest comment thread
2 Comment authors
Chavindu NuwanpriyaPasindu Chinthana Recent comment authors
newest oldest
Pasindu Chinthana
Member
Pasindu Chinthana

Type ss before the word ‘youtube’ in the address bar then press enter